March 20, 2026

බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර 65ක් සන්තකයේ තබාගනිමින් ලොරි රථයකින් ඉන්ධන ප්‍රවාහනය සිදුකළ පුද්ගලයකුට රුපියල් දෙදහස් පන්සියයක දඩයක් සහා මාස දෙකක අනිවාර්යය සිරදඬුවම් නියම කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (19) නියෝග කර ඇත.

මෙලෙස අනිවාර්ය සිරදඬුවම් නියමව ඇත්තේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවකුට ය.

වැල්ලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන තොඟයක් ලබා ගත් බවට වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව පසුගිය 18 වැනි දින රාත්‍රීයේදී අදාළ ඉන්ධන පිරවුම්හල අසලදී මෙම පුද්ගලයා වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන, පසුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී රුපියල් විසිදහසක් පමණ වටිනා පෙට්‍රල් සහිත කෑන් හතරක් ලොරි රථයේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.