
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පළායෑමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින්, නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන්ට පස්දෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.
කෙසේවෙතත් චූදිතයින් විසින් කර ඇතැයි කියන වැරදි සැලකිල්ලට ගැනීමේදී ඔවුන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යෑමට බාධාවක් නොමැති බවත් මහාධිකරණ නියෝගයේ සඳහන් කර ඇත.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා, නීතිඥ ජාලිය සමරසිංහ ඇතුළු නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික. සී. රාගල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart