
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුවේ ආහාරපාන සපයන සේවකයන් දෙදෙනකු අතර ඇති වූ බහින්බස්වීමක් පිහි ඇනුමක් දක්වා දුරදිග ගොස් ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මහලේකම්වරිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර පවසන්නේ, අඟහරුවාදා පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේදී ආහාරපාන සපයන සේවකයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් පිහි ඇනුමක් දක්වා දුරදිග ගොස් ඇති බවට ඊයේ ජනමාධ්‍ය වාර්තා පළ වූ බවයි.
පාර්ලිමේන්තු කේටරිං සේවකයන් දෙදෙනකු අතර මෙවැනි බහින්බස්වීමක් ඇති වූ නමුත් එය එකිනෙකාට පහර දී පිහියකින් ඇනීමට තැත්කිරීම දක්වා දුරදිග ගිය බව අවධාරණය කරමින් ජනමාධ්‍ය වාර්තා කර ඇති කරුණු සාවද්‍ය සහ අසත්‍ය බව මහලේකම්වරිය වැඩිදුරටත් පවසයි.
මෙවැනි සිදුවීම් වාර්තා කිරීමේදී සියලුම ජනමාධ්‍ය වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරණ රෝහණධීර, මෙවැනි සිදුවීමක් ගැන අතිශයෝක්තියෙන් අසත්‍ය කරුණු වාර්තා කිරීමෙන් පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට කැළලක් සහ හානියක් සිදුවන බවද අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart