
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොට්ටාව සහ තලවතුගොඩ ප්‍රදේශවල ස්ථාපිත වීදි ආහාර අලෙවිසැල් ඊයේ (02) රාත්‍රියේ පරීක්ෂා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මිනිස් පරිභෝජනයට නුසුදුසු අලෙවි කළ ආහාර වෙළෙඳසැල් 14කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
සෞඛ්‍යයට අහිතකර ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් තවත් වෙළෙඳසල් 06කට අවවාද කර ඇත.
ඒ අනුව, ප්‍රශ්නගත වීදි ආහාර අලෙවිසැල් 14ක හිමිකරුවන්ට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) වෛද්‍ය කෝසල මුතුකුමාරණ පැවසුවේ, තලවතුගොඩ, කිඹුලාවල ප්‍රදේශයේ ස්ථාපිත ආහාර අලෙවිසැල් 35ම ඇතුළුව වීදි ආහාර අලෙවිසැල් 55ක් මෙම මෙහෙයුමේදී පරීක්ෂාවට ලක්කළ බවයි.
එහිදී අලෙවි කිරීමට තිබූ මස්, මාළු ඇතුළු ආහාර ද්‍රව්‍ය විවෘතව ප්‍රදර්ශනය කිරීම නිසා වාහනවලින් පිටවන දූවිලි හා දුමාරයේ සෘජු බලපෑම හේතුවෙන් එම ආහාර ද්‍රව්‍ය අපවිත්‍ර වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සොයාගෙන ඇත.
මීට අමතරව පිසූ ආහාර අමු ආහාර සමඟ තබා ගැනීම, මලකඩ කෑ යකඩ තැටිවල මස් පිළිස්සීම, දින ගණන් පැරණි තෙල් මස් බැදීමට යොදාගැනීම යන කරුණු නිසා එම ආහාර ද්‍රව්‍ය මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇත.
මීට අමතරව, ආහාර පිළියෙළ කිරීමේදී අත්වැසුම්, මුහුණු ආවරණ සහ හිසකෙස් ආවරණ හෝ ඒප්‍රන් භාවිත නොකිරීම සම්බන්ධයෙන්ද ආහාර අලෙවිසැල් හිමියන්ට අවවාද කර ඇත.
අපද්‍රව්‍ය ජලය බැහැර කිරීම සහ කසළ බඳුන් විවෘත කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව තිබේ..
මේ අතර, කොට්ටාව ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂණවලදී පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් කිලෝග්‍රෑම් 12ක් සහ රසකාරක ද්‍රව්‍ය කිහිපයක් ද විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart