
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 1000ක වන්දි මුදලක් ඉල්ලා ආගමන හා විගමන නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
යහපාලන ආණ්ඩුව සමයේ කිසිදු හේතුවක් නොමැතිව තමන්ව ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම තුළින් සිය කීර්තිනාමයට හානි සිදුවූ බව පවසමින් මන්ත්‍රීවරයා එලෙස නඩු පවරා ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරී එරංග රඹුක්වැල්ල, ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරී සුජීව රත්නායක හා නීතිපතිවරයා ය.
2015 වසරේ ඔක්තෝබර් මස 23 වැනිදා තමා විදේශීය රටවල් තුනක පැවැත්වීමට නියමිතව තිබූ සම්මන්ත්‍රණවලට සහභාගීවීම සඳහා ඩුබායි බලා පිටත්ව යෑමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව අදාළ පෙත්සම තුළින් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.
එම අවස්ථාවේදී විදේශගතවීම සඳහා තමා රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ බවත්, එහි සිටි ආගමන හා විගමන නිලධාරීන් දත්ත පද්ධතිය පරීක්ෂා කර එය අක්‍රීය ගුවන් බලපත්‍රයක් බවට ප්‍රකාශය කළ බවත් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ.
අනතුරුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත්, එහිදී අධිකරණය තමන්ව ඇප මත මුදාහැරීමට කටයුතු කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.
ඊට අදාළව ආගමන හා විගමන පනත යටතේ තමන්ට එරෙහිව ගොනුකළ නඩුව වසර 09කට ආසන්න කාලයක් විභාග කිරීමෙන් පසු තමන්ව අධිකරණය මගින් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ බව පෙන්වාදෙන මන්ත්‍රීවරයා පවසන්නේ, මේ තුළින් සිය කීර්තිනාමයට දැඩි ලෙස හානි සිදුවූ බවයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart