
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2014 වසරේදී ඉස්ලාම් දහමට සහ ශුද්ධ වූ කුරානයට අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ බවට චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව, පූර්ව නඩු විභාගය සඳහා අද දින කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, එහි ඉදිරි කටයුතු ලබන ජූනි මස 26 වනදා දක්වා කල්තැබීමට විනිසුරුවරයා නියෝග කළේය.
2014 අප්‍රේල් මස 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය අසලදී ඉස්ලාම් දහමට සහ ශුද්ධ වූ කුරානයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම අධිචෝදනා ගොනුකර ඇත.
මෙහිදී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ, මීට වසර 12කට පමණ පෙර තම සේවාදායකයා විසින් සිදුකරන ලදැයි කියන මෙම ප්‍රකාශ, රටේ යහපත උදෙසා සහ ඇතැම් අන්තවාදී කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද ඒවා බවයි.
එමෙන්ම මෙම නඩු කටයුතු අනවශ්‍ය ලෙස දිගුකිරීමට හෝ අධිකරණ කාලය අපතේ හැරීමට විත්ති පාර්ශවයට කිසිදු අදහසක් නොමැති බවද නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේ, අදාළ ප්‍රකාශ අඩංගු සංයුක්ත තැටි පැමිණිල්ල පාර්ශවයෙන් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවයි.
දෙපාර්ශවයේම කරුණු දැක්වීම් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, නඩුවේ ඉදිරි මූලික විභාග කටයුතු ජූනි මස 26 වැනිදා නැවත කැඳවීමට නියම කළේය.
ඥානසාර හිමියන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක වීරසූරිය සමඟ සංජය මාරඹේ, ආකර්ෂා වීරසූරිය සහ පසන් කරුණාරත්න යන නීතිඥ මණ්ඩලය පෙනීසිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart