
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුත්තලම ප්‍රදේශයේ රජයේ ඉඩම් අක්කර 200කට වැඩි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇතැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට එරෙහිව 1982 අංක 12 දරන පොදු දේපළවලට එරෙහි වැරදි පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙස පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්න අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
අලි සබ්රි රහීම් වසර 15කට වැඩි කාලයක් තිස්සේ නියමිත කිසිදු ක්‍රියා පටිපාටියකින් තොරව රජයේ ඉඩම් අක්කර 214ක් පරිහරණය කරන බව චින්තක අමල් මායාදුන්න සඳහන් කරයි.
අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා ඔහුට ඉඩම ආපසු ලබාදෙන ලෙස ඉල්ලා ඇතත් ඔහු එයද සිදුකර නොමැති අතර, මේ වන විට ඔහුට නෙරපා හැරීමේ දැන්වීමක් යවා ඇතත් තවමත් ඔහු ඉඩම් අල්ලාගෙන මිලියන ගණනක් උපයමින් සිටින බව සභාපතිවරයා පවසයි.
එමෙන්ම රහීම් නීති විරෝධී ලෙස ඉඩම් අත්පත් කරගැනීම සහ බදු ආදායම හේතුවෙන් රජයට රුපියල් මිලියන 200ක පමණ පාඩුවක් සිදුව ඇති බව ඔහු සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ දැයි විමසූ විට මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් නිලධාරීන් වැනි අදාළ සියලුම නිලධාරීන් සහභාගි වන බැවින් අවශ්‍ය පියවර ගන්නා බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart