April 22, 2026

ගෑස් නොමැති බව පාරිභෝගිකයන්ට පවසමින්, ගෑස් තොග සඟවා තබාගෙන සිටි මහනුවර නගරයේ වෙළඳසැලකට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීහු නීතිමය පියවර ගනිමින් සිටිති.

ගෑස් සඟවා තබාගැනීමෙන් සහ නියමිත මිලට වඩා ඉහළින් විකිණීමෙන් මහජනතාවට අපහසුතාවයක් ඇති කරන වෙළඳුන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා රට පුරා ක්‍රියාත්මක වැටළීම්වල කොටසක් ලෙස සඳුදා (20) මෙම වැටළීම සිදු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

වගකිවයුතු ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව අධිකාරිය පවසයි.

අසාධාරණ ක්‍රියාවන්ගෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා රට පුරා අඛණ්ඩ වැටළීම් සිදුකරන බව අධිකාරිය අවධාරණය කරයි.