June 8, 2025

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේට අදාළ කැරම් බෝඩ් සිද්ධිය හා සම්බන්ධ තවත් නඩුවකට අධිචෝදනා ​ගොනුකර ඇතැයි නීති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව ‘දේශය’ කරන ලද සොයාබැලීමකදී අනාවරණය වී ඇත්තේ, කළින් තීන්දුව දුන් කැරම් බෝඩ් නඩුව දූෂණය නමැති වරදට අදාළව පැවරුණු එකක් බවයි.

මෙම දෙවැනි නඩුව පැවරෙන්නේ, අපරාධමය වරදක් සිදුකිරීම සම්බන්ධයෙනි.

එහි මෙම ගනුදෙනු සම්බන්ධව කුමන්ත්‍රණය කිරීම යන චෝදනාව ඇතුළත් බව වාර්තා වේ.

එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ පවරා ඇති බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි විත්තිකරුවන් වශයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ සහ එවකට ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාව සිටි හිටපු මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චිට එරෙහිව චෝදනා එල්ල වනු ඇති බවද වැඩිදුරටත් වාර්තා පවසයි.