
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැතිවරණවල දී අපේක්ෂකයන් විසින් තැන්පත් කළයුතු ඇප මුදල ඉහළ නැංවීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ජනාධිපතිවරණ, මහ මැතිවරණ සහ පළාත් පාලන යන ඡන්ද විමසීම් සියල්ලේම අපේක්ෂකයන් විසින් තැන්පත් කළයුතු ඇප මුදල ඉහළ නැංවීමට නියමිතය.
ඊට අවශ්‍ය රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සමඟ එක්ව ඉදිරිපත් කර තිබේ.
කාලනුරූපීව මෙම ඉහළ නැංවීම සිදුකරන බව අදාළ යෝජනාවේ දක්වා තිබේ.
ඒ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප මුදල් ප්‍රමාණය පිළිගත් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන අපේක්ෂකයෙකු සඳහා රුපියල් මිලියන 2.6ක් දක්වා ඉහළ නැංවේ.
ස්වාධීන පක්‍ෂයක් නියෝජනය කරන ජනපතිවරණ අපේක්‍ෂකයකු තැන්පත් කළයුතු ඇප මුදල රුපියල් මිලියන 3.1කි.
මහ මැතිවරණයට දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප මුදල් ප්‍රමාණය රුපියල් 11,000 දක්වාත් ස්වාධීන පක්‍ෂයක් නියෝජනය කරන අපේක්‍ෂකයකු තැන්පත් කළයුතු ඇප මුදල රුපියල් 16,000 දක්වාත් ඉහළ නැංවීමට නියමිතය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප මුදල් ප්‍රමාණය රුපියල් 6,000 දක්වාත් ස්වාධීන පක්‍ෂයක් නියෝජනය කරන අපේක්‍ෂකයකු තැන්පත් කළයුතු ඇප මුදල රුපියල් 11,000 දක්වාත් ඉහළ නැංවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart