
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි අතර ද්විපාර්ශවික හමුවක් සිදුව ඇතැයි වාර්තා වේ.
ඒ, දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර පැවති G20 සමුළුවට සමගාමීවයි.
එහිදී නායකයින් දෙදෙනා අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් පසුව, ඉන්දියාවට පැමිණෙන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා වෙත ආරාධනයක් කර ඇතැයි ද වාර්තා වේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ හිටපු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ පාලනය හමුවේ බිඳ වැටුනු දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කැනඩාවේ නව රජය යටතේ යළි වර්ධනය වෙමින් පවතින බවට එය නිදසුනක් බවයි.
කෙසේවෙතත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිදු කළ ආරාධනය කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි පිළි ගෙන තිබේ.
“2026 මුල් භාගයේදී ඉන්දියාවට පැමිණෙන ලෙස අගමැති මෝදි කළ ආරාධනය අගමැති කාර්නි පිළිගත්තේය,” යනුවෙන් කැනේඩියානු අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
වෙළඳාම, ආයෝජන, තාක්ෂණය සහ බලශක්තිය වැනි ක්ෂේත්රවල සබඳතා ඉදිරියට ගෙන යාමට අමතරව, ආරක්ෂක සහ අභ්‍යවකාශ අංශවල ගැඹුරු සහයෝගීතාවයේ විභවය විවෘත කිරීමට නායකයින් දෙදෙනා එකඟ වූ බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart