
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග හෙට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම්කර තිබේ.
පළමු තරගයට ක්‍රිඩාකළ රමේෂ් මෙන්ඩිස් සහ ලහිරු කුමාර දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත්කර ඇති අතර ඔවුන් වෙනුවට එංගලන්ත ටෙස්ට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ මිලාන් රත්නායක සහ විශ්ව ප්‍රනාන්දු අබාධයකට ලක්වීම නිසා කණ්ඩායම කැදවු නවක ක්‍රිඩක නිශාන් පිරීස්ට අවස්ථාව ලබාදී ඇත.
නිශාන් පිරීස් ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරන්නේ 167 වැනි ක්‍රීඩකයා ලෙසිනි.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව 1-0 ක් ලෙස ඉදිරියෙන් පසුවෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න
පැතුම් නිශ්ශංක
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
ධනංජය ද සිල්වා (නායක)
කමිඳු මෙන්ඩිස්
නිශාන් පීරිස්
ප්‍රභාත් ජයසූරිය
මිලාන් රත්නායක
අසිත ප්‍රනාන්දු
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart