
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය සමාගමක් විසින් දැනට සපයා ඇති ආරක්‍ෂක ස්ටිකරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් මත්පැන් බෝතල් සඳහා නව ‘ආරක්‍ෂක අංගයක්’ සඳහා නව ටෙන්ඩරයක් කැඳවන ලෙස පාර්ලිමේන්තු කමිටුවක් විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇත.
මේ සතියේ සිය පළමු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කමිටුව, ආරක්ෂක විශේෂාංගය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැටලු රැසක් හඳුනාගෙන ඇති බව අනාවරණය කර ඇතැයි වාර්තා සඳහන් කරයි.
ආරක්ෂක ස්ටිකරය විශාල වශයෙන් ව්‍යාජ ලෙස සකස් කර ඇති බව එමගින් හඳුනාගෙන ඇත.
මත්පැන් බෝතල්වල මුද්‍රණය කිරීම සඳහා ආරක්ෂක ස්ටිකර් සැපයීමේ කොන්ත්‍රාත්තුව 2018 දී ඉන්දියානු සමාගම වන Madras Security Printers (MSP) විසින් ලබාගන්නා ලදී.
පාර්ලිමේන්තු කමිටුවේ උපදෙස් මත ක්‍රියාත්මක වෙමින් සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය සති කිහිපය පුරා දීප ව්‍යාප්ත වැටලීම් සිදු කරමින් ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් අඩංගු බවට සැක කෙරෙන මත්පැන් බෝතල් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වංචාව හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන ගණනක බදු ආදායමක් අහිමි වී ඇතැයි විශ්වාස කෙරේ.
සිකුරාදා (08) වන විට අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් 43,776 ක ව්‍යාජ ආරක්ෂක ස්ටිකර් අඩංගු බවට තහවුරු වී තිබේ.
ව්‍යාජ ස්ටිකර් සහිත බව හඳුනාගෙන ඇති බෝතල් සඳහා රුපියල් මිලියන 43.4ක දඩ මුදල් පනවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ව්‍යාජ ආරක්ෂක ස්ටිකර් සහිත මත්පැන් බෝතල්වලින් බහුතරයක් මිලි ලීටර් 180 බෝතල්(කාලෙ බෝතල්) බව නිලධාරීහු පවසති.
සැබෑ ආරක්ෂක ස්ටිකරයක මිල රුපියල් 1.80 කි. කෙසේ වෙතත් මිලි ලීටර් 750 විශාල මත්පැන් බෝතලයක අලවා ඇති ව්‍යාජ ආරක්ෂක ස්ටිකරයක් මගින් රජයට අහිමි වන බදු ආදායම රුපියල් 2,900ක් බව වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart