
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට එරෙහිව පවත්වාගෙන ගිය නඩුවක් අවලංගු කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (04) නියෝග කළේය .
ලලිත් වීරතුංග ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ 2014 වසරේදී, නිසි අවසරයකින් තොරව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ දැමීමට යැයි හඟවමින් ඩබ්ලිව්.ආර්. ගෲප් නමින් හඳුන්වාගත් පාර්ශ්වයක් සමග ගිවිසුමක් අත්සන් කර, එය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමුකර ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන පාකිස්ථාන ජාතිකයකුවන ඉමාද් සුබේරි නමැත්තාට ඇමෙරිකානු ඩොලර් 6.5ක මහජන මුදල් ලබාදුන් බවට චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමි විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.
මෙම පැමිණිල්ලේ විත්තිකරුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ගොනුකර නොමැති බව පවසමින් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නඩුව නිෂ්ප්‍රභ කිරීමට නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart