
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශීය ඖෂධ නිෂ්පාදකයන් වෙතින් අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයීම් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ බද්ධ ව්‍යාපාර ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයින්, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ පසු මිල දී ගැනීමේ ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයන් සහ දැනට ගිවිසුම්ගතවී නොමැති දේශීය නිෂ්පාදකයන් විසින් සැපයිය හැකි ඖෂධ වර්ග ලැයිස්තු 04ක් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කර තිබේ.
ඒ, දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ සහ වෛද්‍ය සැපයීම් හඳුනාගනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයන් වෙතින් ඉදිරි වසරක කාලයක් සඳහා මිල දී ගැනීම පිණිස 2024‑10‑14 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දීමෙන් පසුය.
එම ලැයිස්තු 04 පරීක්ෂා කර, ඇමැති මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ඒ අනුව ඖෂධ වර්ග 42ක් සැපයීමේ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 5,398.83ක මුදලකට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත පිරිනැමීමටත් ඖෂධ වර්ග 131ක් සැපයීමේ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 16,611.42ක මුදලකට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ බද්ධ ව්‍යාපාර ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයන් වෙත පිරිනැමීමටත් නියමිතය.
ඖෂධ වර්ග 36ක් සැපයීමේ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 9,022.10ක මුදලකට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ පසු මිල දී ගැනීමේ ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයන් වෙත පිරිනැමීමට සහ ඖෂධ වර්ග 130ක් සැපයීමේ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 13,374.65ක මුදලකට අලුතින් තෝරාගත් දේශීය නිෂ්පාදකයන් 24ක් වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart