
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ඇතුළු දිවයිනේ සසු අධිකරණවල සේවය කරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (02) ඉහළ නැංවීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම යෝජනාවට අදාළ කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කෙරෙන අතර, අනතුරුව එය නීතිපතිවරයාගේ නිකාශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන වෙනස්කම්:
– ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්: ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) වගන්තියට අනුව වර්තමානයේ පවතින අවුරුදු 65 විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ඉහළ යනු ඇත.
– අභියාචනාධිකරණ විනිසුරුවරුන්: වර්තමානයේ පවතින අවුරුදු 63 විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමට යෝජිතය.
මීට අමතරව මහාධිකරණ, දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාවන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද මීට සමාන්තර යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
– මහාධිකරණ විනිසුරුවරුන්: දැනට පවතින අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 61 කි.
– දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්: දැනට පවතින අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 60 කි.
ඒ අනුව මෙම ව්‍යවස්ථා සංශෝධනය හරහා දිවයිනේ අධිකරණ පද්ධතියේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart