
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කැන්විල් හොල්ඩින්ග්ස් (පෞද්ගලික) සමාගම, හොටෙල් ඩිවෙලොපර්ස් ලංකා සමාගම සහ ලිට්‍රො ගෑස් ලංකා සමාගම යන රජයට අයත් ආයතන ප්‍රතිව්‍යූහගතකරණය කිරීම පිණිස කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, එම කාර්යය සඳහා ගනුදෙනු උපදේශකයන් තෝරාගැනීම පිණිස අන්තර්ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින්, අභිමතය ප්‍රකාශ කිරීම් (EOI) සහ යෝජනා ඉල්ලීම් (RfP) කැඳවා ඇත.
කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කෙටි ලැයිස්තුගත කරන ලද යෝජනා අතුරින් ගුණාත්මක බව සහ පිරිවැය මත පදනම් වූ තෝරාගැනීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ඉහත සඳහන් ආයතන 04 සඳහා ගනුදෙනු උපදේශකයන් තෝරා ගනු ලැබ තිබේ.
ඒ අනුව, තෝරාගනු ලැබ ඇති පහත සඳහන් ගනුදෙනු උපදේශකයන් සමඟ අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart