
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතිකව පිළිගත් විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා පදනම් කරගත යුතු ප්රමිතීන් හා නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම පිණිස සහ වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි වෛද්‍ය ආඥාපනතේ විධිවිධාන සංශෝධනය කිරීම පිණිස යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, පත් කරන ලද කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව මත පදනම්ව, අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව අංක 01 සිට 1000 දක්වා වන විදේශ විශ්වවිද්‍යාල විසින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි මෙරට පිළිගැනීමට හැකි වන පරිදි අවශ්‍ය නීතිමය විධිවිධාන පැනවීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය ඇමැතිවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart