
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනතුරුදායක ලෙස මාර්ගවල ගමන් කිරීමත් සමග රටේම අවධානය යොමුවූ බස් රථ 58ක හිමිකරුවන්ට පොලිස් රථවාහන කොට්ඨාශය විසින් දැඩිලෙස අවවාද කර මුදාහැර ඇත.
ජනතාව විසින් සිදුකර තිබූ පැමිණිලිවලට අනුව එම බස් රථ සමග ඒවායේ හිමිකරුවන් මෙලෙස අද පිටකොටුව ප්‍රදේශයට කැඳවා තිබිණි.
මෙම බස් රථ අතර සමාජ මාධ්‍ය ඔස්සේ වඩා කතාබහට ලක්වන දම් රැජින, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන බස් රථද තිබී ඇත.
එහිදී බස් රථවල ඇති සියලු නීතිවිරෝධී කොටස් ඉවත්කිරීමට රථවාහන පොලීසිය විසින් ඒවායේ හිමිකරුවන් සහ රියදුරන් වෙත අවවාද කර ඇත.
මෙහිදී ඇතැම් බස් රථවල ඇතුළත සමාජ ශාලා ලෙස සකස් කර තිබූ අයුරු දැකගත හැකිවූ අතර ඇතැම් බස් රථවල සාද පැවැත්වීම සඳහා වෙනම කොටසක් සකස්කර තිබී ඇත.
මේ අතර පොලිස් රථවාහන කොට්ඨාශය පවසන්නේ, නීතිව්රෝධී ලෙස බස් රථ සකස් කර ඇති සහ දැඩි අනතුරුදායක ලෙස මාර්ගයේ බස් ධාවනය කරන්නන් හට ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart