
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘බස් අජිත්’ ලෙස ප්‍රකට ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණගේ ‘ඇස යොමන තැනක’ ගීතයට එහි පද රචිකාවිය වන ශාක්‍යා මුණසිංහ විසින් වාරණයක් පැනවීමෙන් අනතුරුව, එම ගීතයේ පද මාලවටම අජිත් මුතුකුමාරණ විසින් නව ගීතයක් නිර්මාණය කර ඇත.
සමාජ මාධ්‍ය පරිශීලකයන් පවසන්නේ, ගීතයේ අයිතිය සම්බන්ධයෙන් මේ දිනවල පවතින සංවාදය අතරතුර අජිත්ගේ මෙම ක්‍රියාව, අපූරු ‘එකට එක කිරීමක්’ ලෙසය.
එහිදී අජිත් විසින් ගීතයේ ‘ඇස යොමන තැනක’ යන පද මාලාව වෙනුවට ‘සිත හඬන රැයක’ යනුවෙන් වෙනත් පද මාලාවක් යොදා නව නිර්මාණය සිදුකර ඇත.
වසර 23කට පමණ පෙර නිර්මාණය වූ මෙම පළමු ගීතය, ජනප්‍රියත්වට පත්වූයේ මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ, එම ගීතයට අනුව සිදුකළ මනාල යුවලකගේ නර්තනයකින් අනතුරුවය.
පහතින් දැක්වෙන්නේ අජිත් මුතුකුමාරණගේ නවතම ගීතයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart