August 29, 2026

රටේ විදේශ සංචිතවල තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ දත්ත පවතින්නේ අවිනිශ්චිත මට්ටමක බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

රටට ලැබෙන සංචිත තුළින් පවා රුපියල ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඩොලරය පාවිච්චි කිරීමේ තත්වයක් මේ වනවිට දක්නට ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ඉදිරියේදී සංචිත සම්බන්ධයෙන් ගැටළුවක් මතුවුවහොත් එහි වගකීම රජයට බාරගැනීමට සිදුවීම අපේක්ෂා කළ හැකි බවයි.

ස්වාධීන බලතලවලට මුවා වී සිටින මහ බැංකුව වුව ද ආණ්ඩුව මත බරපැටවීම සිදු කළ හැකි බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව යනු අප සියලු දෙනාගේ රට මිස එළඹ ඇත්තේ පක්ෂවලට හෝ පාටවලට බෙදී කටයුතු කළ යුතු කාලයක් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා සියලුදෙනා බැඳී සිටින බව ද පෙන්වා දුන්නේය.