
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් දෙවැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, අයවැය දෙවැනි වර කියවීම නොවැම්බර් මස 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකිරීමට නියමිත බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
ඒ අනුව අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය නොවම්බර් 14 සිට 21 දක්වා පැවැත්වෙන අතර 21 දා පස්වරුවේ දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
නොවැම්බර් 22 දා ආරම්භ වන කාරක සභා අවස්ථා විවාදය දෙසැම්බර් මස 13 වැනිදා දක්වා පැවැත්වෙයි.
තුන්වැනි වර ඡන්ද විමසීම එදින සිදුකරන බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.
අයවැය සම්මත කරගැනීමෙන් අනතුරුව ඊට කතානායක අනුමැතිය සහිතව දෙසැම්බර් 27 වන විට නීතියක් බවට පත්කිරීමට නියමිත අතර, දෙසැම්බර් 31 වැනිදායින් පසු රජයේ වියදම් සඳහා මුදල් වෙන්කිරීම සිදු වන්නේ නව අයවැය මගිනි.
මෙවර අයවැය මගින් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සුබ සාධන වියදම් කෙරෙහි රජයේ වැඩි අවධානයක් යොමුව ඇතැයි සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා, මෙම වසරේ දී රුපියල් බිලියන 65ක් පමණ වූ සුබසාධන විදයම රුපියල් 185 පමණ දක්වා ඉහළ ගොස් ඇති බව ද වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart