
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාර් රථයක් පැදවූ බෞද්ධ භික්ෂුවක් කුරුණෑගලදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව කාර් රථය පැදවූ බවට අදාළ භික්ෂුවට චෝදනා එල්ලවී තිබේ.
මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන 46 හැවිරිදි භික්ෂුවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම භික්ෂුව මහනුවර සිට කුලියාපිටිය, කඳානෙගෙදර පිහිටි විහාරස්ථානය කරා කාර් රථයකින් ගමන් කරමින් සිටියදී කුරුණෑගල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් නතර කර ඇත.
එහිදී සිදුකළ පරීක්ෂාවකදී භික්ෂුව සතුව වලංගු රියැදුරු බලපත්‍රයක් නොතිබීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
භික්ෂුවගේ රියැදුරු එදින වෙනත් කටයුත්තකට යෑම හේතුවෙන් එම භික්ෂුව මෝටර් රථය පදවා ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් භික්ෂුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart