
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පිටකෝට්ටේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ තිබී අතුරුදන්වූ බව කියන රුපියල් කෝටි 05ක් පමණ වටිනා කිලෝ 45ක් බරැති පුරාවිද්‍යා වටිනාකමක් ඇති බුද්ධ ප්‍රතිමාව වසර 12කට පසුව සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව ඇත.
පාගොඩ පාර ආනන්ද බාලිකා මාවතේ පිහිටි මෙම විහාරස්ථානයේ වැඩ වාසය කළ ආචාර්ය හුණුපලගම වජිර හිමියන් විසින් 2011 වසරේ ජනවාරි 20 වෙනිදා කළ පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම ප්‍රතිමාව හමුවී ඇත්තේ මීගලෑව පොලිස් වසමේ පිහිටි රැස්වෙහෙර විහාරස්ථානයේදීය.
පොලිසිය පවසනුයේ රැස්වෙහෙර විහාරාධිපති කලංකුට්ටියේ රාහුල හිමියන් විසින් මෙම ප්‍රතිමාව ආරක්ෂාව සඳහා රැස්වෙහෙර රැගෙනවිත් තබාගෙන සිට ඇති බවය.
මෙම ප්‍රතිමාව මහනුවර අස්ගිරිය වැල්ලව විහාරස්ථානයේ තිබියදී එම විහාරස්ථානයේ වැඩ වාසය කළ ස්වාමීන් වහන්සේ එම විහාරස්ථානයෙන් ඉවත්වීමෙන් පසුව තමන් වහන්සේ මෙම ප්‍රතිමාව රැස්වෙහෙරට රැගෙන ආ බව ද උන්වහන්සේ කොළඹ අපරාධ කොට්ඨාසයට පවසා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart