April 12, 2024

අලුත් අවුරුද්දට බුලත් කැඩීම සදහා බුලත් වැලක් එතී තිබූ ගසකට නැගි බලන්ගොඩ කොටුවැල්පොළ ප්‍රදේශයේ පුද්ගලයකු එම ගසේ අත්තක් ළිඳකට කඩාවැටී මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.

තුන්කිඳ දිසානායකලාගේ චන්ද්‍රසිරි නැමති පනස්දෙහැවිරිදි දෙදරු පියකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය කියයි.

අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අවශ්‍ය බුලත් කැඩීම සදහා ගෙවත්තේ ඇති අඩි හතලිහක් පමණ උසැති ගසකට මොහු නැග තිබේ.

එම ගසේ තිබූ දිරාපත් වූ අත්තක් කඩාවැටී ඇති අතර, මරණකරැ ගස යට තිබූ ළිදකට වැටී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.