May 14, 2025

ලන්ඩනයේ ස්ථාන තුනක ඇතිවූ ගිනි ගැනීම් සම්බන්ධයෙන් සැකපිට බ්‍රිතාන්‍ය පොලිසිය 21 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ඒ, ත්‍රස්ත මර්දන නිලධාරීන් විසින් අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර්ගේ පෞද්ගලික නිවසක ඇති වූ ගින්නක් ඇතුළු ගිනිගැනීම් තුනක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමෙන් පසුවයි.

අග්‍රාමාත්‍ය ස්ටාර්මර් පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රදේශය වන උතුරු ලන්ඩනයේ Kentish Town හි පිහිටි නිවසේ ර්ම ගින්න හට ගෙන තිබුණේ ඊයේ අලුයමය.

ගින්නෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති නමුත් දේපළ සහ නිවසේ දොරටුවට අලාභ හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.

ගින්න සහ තවත් සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් ජීවිතය අනතුරේ හෙළීමේ අරමුණින් ගිනිතැබීම සම්බන්ධයෙන් සැකපිට මෙම පුද්ගලයා අඟහරුවාදා අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු තවදුරටත් අත්අඩංගුවේ පසුවන අතර ඉකුත් ඉරිදා ඉස්ලින්ටන්හි නිවසක ඇති වූ ගින්නක් සහ ඉකුත් බ්‍රහස්පතින්දා කෙන්තිෂ් නගරයේ වාහනයක හට ගත් ගින්නක් මෙම සිදුවීමට සම්බන්ධ දැයි පොලිසිය විමර්ශනය කරමින් සිටියි.