
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රිතාන්‍ය හෙදියක් විසින් ඇය සේවය කළ රෝහලේ නව ජන්ම ඒකකයේ අලුත උපන් බිළිඳුන් හත්දෙනකකු ඝාතනය කර තවත් හයදෙනකකු ඝාතනය කිරීමට තැත්කර ඇත.
33 හැවිරිදි ලුසී ලෙට්බිවන ඇය පසුගිය ඔක්තෝබර් මාසයේ සිට නඩු විභාගයකට මුහුණදී සිටී.
අසනීප වූ හෝ නොමේරූ උපත ලැබූ බිළිඳුන්ට එන්නත් කිරීම, අධික ලෙස කිරි ලබාදීම සහ ඉන්සියුලින් විෂ කිරීම යන චෝදනාවට ඇයව මෙසේ ලක්ව ඇත.
උතුරු එංගලන්තයේ මැන්චෙස්ටර් ක්‍රවුන් උසාවියේ ජූරි සභාව දින 22ක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිය සියලු තීන්දු ලබාදී තිබේ.
වඩාත් අවදානමට ලක්විය හැකි ළදරුවන් කිහිපදෙනෙක් ආරක්ෂා කිරීමට ලුසී ලෙට්බිට භාර වී ඇති අතර, ඔවුන් අතර මිනීමරුවෙක් සිටින බව ඇය සමඟ වැඩ කරන අය දැන සිටියේ නොමැති බව ජ්‍යෙෂ්ඨ ක්‍රවුන් අභිචෝදක පැස්කල් ජෝන්ස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
මෙම නඩුව බ්‍රිතාන්‍යයේ සුප්‍රකට වෛද්‍ය මිනීමරුවන් දෙදෙනෙක්වන වෛද්‍ය හැරල්ඩ් ෂිප්මන් සහ හෙදිය බෙවර්ලි ඇලිට් පිළිබඳ මතකයන් නැවත පණ ගන්වා තිබේ.
සාමාන්‍ය වෛද්‍යවරයක් වූ ෂිප්මන්, ඔහුගේ රෝගීන් 15 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී වසර හතරකට පසු 2004 දී සිරගෙදරදී ගෙළ වැලලාගෙන මියගොස් ඇත.
පසුව කරන ලද මහජන පරීක්ෂණයකින් ඔහු 1971 සිට 1998 දක්වා කාලය තුළ මාරාන්තික මෝෆීන් එන්නත් මගින් රෝගීන් 250ක් පමණ මරාදමා ඇති බව අනාවරණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart