
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව තුළ ගංජා ඇතුළු නීතිවිරෝධී මත්ද්‍රව්‍යවලට අදාළ සිදුවීම්වලට සම්බන්ධ වීමේදී පවතින අවදානම පිළිබඳව අනතුරු අඟවමින් බ්‍රිතාන්‍ය රජය සිය පුරවැසියන්ට පනවා ඇති සංචාරක උපදේශන මාලාව යාවත්කාලීන කර ඇත.
ගුවන් තොටුපොළ හරහා ගමන් කිරීමේදී එම මත්ද්‍රව්‍ය රැගෙන යන බව අනාවරණය වුවහොත් අත්අඩංගුවට ගැනීමේ අවදානම ද ඊට ඇතුළත් බව එම උපදේශන මාලාවෙන් අනතුරු අඟවයි.
ගංජා ඇතුළු නීතිවිරෝධී මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වුවහොත් දැඩි දඬුවම්වලට ලක්වනු ඇති බවත්, ගුවන් තොටුපොළ හරහා ගමන් කිරීමේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම, භාවිත කිරීම හෝ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුන හොත් දිගු සිරදඬුවමක් සහ ඉහළ අගයක දඩ මුදලක් අපේක්ෂා කළ යුතු බව ද එහි සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ නීතිවිරෝධී භාණ්ඩ හඳුනාගැනීම සඳහා තාක්ෂණය භාවිත කරන අතර සංක්‍රමණික මගීන්ගේ ගමන් මලු පරීක්ෂාවට ද මෙය ඇතුළත් වේ.
එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ, මත්ද්‍රව්‍ය වැරදි, ත්‍රස්තවාදය සහ අනෙකුත් සියලුම බරපතල අපරාධ සඳහා ශ්‍රී ලංකාවේ දැඩි දඬුවම් පවතින බවයි.
ඊට අදාළ නීති අනුව බලධාරීන්ට චෝදනාවකින් තොරව රඳවා තබා ගත හැකි බවත්, වරදකරු වුවහොත් දිගු සිරදඬුවමකට මුහුණදීමට සිදුවනු ඇති බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගතහොත්, නඩු විභාගයක් සිදුකරන තුරු කිසිදු චෝදනාවක් නොමැතිව බලධාරීන් රඳවා තබාගෙන සිටිනු ඇති බවත් නව මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීම් මගින් බ්‍රිතාන්‍ය එරට පුරවැසියන්ට දැනුම්දෙයි.
ලන්ඩනයේ සිට මෙරටට පැමිණි 21 හැවිරිදි චාලට් මේ ලී, තායිලන්තයේ සිට මෙරටට ළාඟා වූ ගුවන් යානයකින් පැමිණි අවස්ථාවේ ඇයගේ ගමන් මලුවල තිබී ගංජා කිලෝග්‍රෑම් 46 ක් සොයාගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබිණි.
බ්‍රිතාන්‍ය මෙම මෙම සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත්තේ මෙම සිද්ධියෙන් අනතුරුවය.
මත්ද්‍රව්‍ය තොගය තම ගමන් මලුවල තිබුණු බව ලී බව ප්‍රතික්ෂේප කළ නමුත් ඇයව රක්ෂිත බන්ධනාගාරගතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart