
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු කාර්යාලය මගින් ශ්‍රී ලංකිකයන්, පාකිස්ථානුවන් සහ නයිජීරියානුවන් ඇතුළු රටවල් කිහිපයක පුරවැසියන්ගේ රැකියා සහ අධ්‍යයන වීසා අයදුම්පත් සීමාකිරීමට සූදානම් වන බව වාර්තා වේ.
ඔවුන් බොහෝදුරට එරට වැඩි කාලයක් රැඳීසිටීමට සහ සරණාගතභාවය ලබා ගැනීමට අපේක්ෂිත පුද්ගලයන් බව පැවැසේ.
පද්ධතිය අනිසි ලෙස භාවිත කිරීම මැඩලීමේ පාලක කම්කරු පක්ෂයේ නව ප්‍රතිපත්ති යටතේ, සරණාගතභාවය ඉල්ලා සිටින සහ එක්සත් රාජධානියේ ඉහළ සරණාගත හිමිකම් ඇති රටවල පුද්ගලයන් සඳහා එලෙස වීසා ප්‍රතික්ෂේප කරනු ඇත.
වීසා අයැදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද බැංකු ප්‍රකාශන ද නිලධාරීන් විසින් ඔවුන් අසරණ වී ඇති බවට කරන ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කිරීමට භාවිත කරනු ඇතැයි පැවැසේ.
රැකියා සහ අධ්‍යයන වීසා බලපත්‍ර බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ලබාගැනීම සඳහා භාවිත කිරීම වැළැක්වීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස මෙම ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කරන බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
එම තිරණය පසුගිය වසරේ වාර්තා වූ 728,000ක් වූ ශුද්ධ සංක්‍රමණය අඩුකිරීමේ අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාමර්ගේ සැලැස්ම විස්තර කෙරෙන, ලබන සතියේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත රජයේ ආගමන ධවල පත්‍රිකාවේ කොටසක් වනු ඇත.
පසුගිය වසරේ කම්කරු පක්‍ෂයේ මහමැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රමුඛ පොරොන්දුවක් වූයේ සංක්‍රමණ ප්‍රතිසංස්කරණයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart