
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයක් වර්ධනය වීම මධ්‍යයේ, ඉන් ප්‍රවේශම් වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය COVID-19 ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල(ඇන්ටිජන්) අතිරේක තොග ආනයනය කිරීමට සූදානම් බව ජනමධ්‍ය වාර්තා කරයි.
දැනට තාවකාලිකව භාවිත කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිදේහජනක කට්ටල සැපයුමක් පවතින බව සෞඛ්‍ය නිලධාරීන් තහවුරු කරන අතර, හදිසි තත්වයක් උද්ගත වුවහොත් ඒ සඳහා අමාත්‍යාංශය තවදුරටත් එම කට්ටල ආනයනය කරන බව සඳහන් කර තිබේ.
නව ප්‍රභේදය අඩු දරුණු මට්ටමක පැවතුණද, සූදානම කෙරෙහි වැඩියෙන් අවධානයෙන් සිටීම සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ පවසා ඇත්තේ, පරීක්ෂණ පහසුකම් සහිත රෝහල් පිළිබඳව දැඩි අවධානයක් ලබා දී ඇති බවයි.
විශේෂයෙන් අධිඅවදානම් සහිත ප්‍රදේශවල උණ හෝ වෙනත් උණ වැනි රෝග ලක්ෂණ ඇති රෝගීන්ගේ නිරීක්ෂණ වැඩිකරන ලෙස රෝහල්වලට ද උපදෙස් ලබා දී ඇත.
විශේෂයෙන් හදිසි අවස්ථාවකදී කල්තියා හඳුනාගැනීම සහ ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම කෙරෙහි අමාත්‍යාංශය අවධානය යොමුකර තිබේ.
කෙසේවෙතත්, වෛද්‍ය විශේෂඥයන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, බියට පත් නොවන ලෙසයි.
දැන් COVID-19 කළමනාකරණය කළ හැකි ශ්වසන රෝගයක් බවට පත්ව ඇති බවත්, එයට ප්‍රතිකාර කරන්නේ අනෙකුත් රෝග සඳහා භාවිත කරන ක්රමවේදයන්ම බවත්, බියටපත් නොවී සුපරික්ෂාකාරීව සිටින ලෙස ඔවුහු පවසති.
සංචාර අත්හිටුවීම සහ ජනයා ඒකරාශී වීම සීමාකිරීම වැනි කටයුතුවලට පෙළඹිය යුතු නැති බව වෛද්‍ය අනිල් ජාසිංහ පවසන අතර, පවතින සෞඛ්‍ය සේවා හරහා තත්වය සමීපව නිරීක්ෂණය කර කළමනාකරණය කරන බව සඳහන් කරයි.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ජාසිංහ විසින් බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් බී.එන්. ධම්මින්ද කුමාර හට උපදෙස් දී ඇත්තේ, ඉන්ෆ්ලුවෙන්සා සහ COVID-19 පැතිරීමට එරෙහිව සිය සේවකයන්ට මුහුණු ආවරණ පැළඳීමට ලබාදී ඇති උපදෙස් පිළිබඳව නැවත සළකා බලා, ඒ පිළිබඳව සියලුම රජයේ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙන ලෙසයි.
ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ, රජයේ ආයතන සේවකයන්ට මුහුණු ආවරණ පැළඳීමට යොමුකිරීමේ විශේෂ අවශ්‍යතාවයක් නොමැති බවයි.
මේ අතර, නව ප්‍රභේදය පිළිබඳ වාර්තා වීමෙන් පසු මුහුණු ආවරණ සඳහා දැඩි ඉල්ලුමක් පවතින බැවින්, ප්‍රදේශ කිහිපයක මුහුණු ආවරණ හිඟයක් වාර්තා වී ඇති බවයි.
පසුගිය දින කිහිපය තුළ කොළඹ සහ අනෙකුත් ප්‍රධාන නගරවල ඖෂධ ශාලා සහ වෛද්‍ය සැපයුම් වෙළඳසැල්වලද ඒවා මිලදී ගැනීම් ඉහළ ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart