
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකම නියෝජනය කරන එක්සත් ජනපද කොංග්‍රසයේ සාමාජිකයින් 12 දෙනෙකු “බිඩෙන්” පරිපාලනයෙන් ඉල්ලීම් කර ඇත්තේ, දෙමළ ජනතාවට සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් වෙත ලිපියක් යවා ඇති මෙම කොන්ග්‍රස් සාමාජිකයන්, ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා “වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ” 30 වැනි වගන්තිය අනුගමනය කරන ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.
එම ලිපියේ සඳහන්කර ඇත්තේ, දෙමළ ජනයාට එරෙහි අපරාධ පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට “ශ්‍රී ලංකා රජය හෝ වෙනත් පාර්ශවයක්” වගකිවයුතු කිසිදු යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට අපොහොසත් වී ඇති බවයි.
කැනඩාව සහ නෙදර්ලන්තය පසුගියදා අදාළ සම්මුතියේ විධිවිධාන යටතේ සිරියාව අන්තර්ජාතික අධිකරණය(International Court of Justice) වෙත ගෙන ගිය අතර, ශ්‍රී ලංකාවට ද එයම සිදුවනු දැකීම ඔවුන්ගේ බලාපොරොත්තු වන බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart