August 11, 2024

තනතුරු හැරගිය නිලධාරීන් තවමත් පරිහරණය කරන රාජ්‍ය දේපළ යළි පවරා ගැනීමට කටයුතු කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක් යොමුකරමින් කොමිසම මේ බව දැනුම් දී ඇත.

රාජකාරිය කාලය තුළ නිලධාරීන්ට ලබාදී ඇති රජයේ දේපළ අයථා පරිහරණය පිළිබඳ පැමිණිලි ඉහළ යෑම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

එම දේපළ කඩිනමින් යළි පවරා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

පොදු දේපළ අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කොමිසම අවධාරණය කරයි.