
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට තවදුරටත් දේශපාලන කැලඹීමකට ඇද දමමින් ඊයේ රාත්‍රියේ වාර්තාවූ මහමැතිවරණ ප්‍රතිඵලයට අනුව තමන් ජයග්‍රගණය කර ඇති බව පාකිස්ථානයේ හිටපු අගමැතිවරුන් සහ ප්‍රතිවාදීන් වන නවාස් ෂරීෆ් සහ ඉම්රාන් ඛාන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
බ්‍රහස්පතින්දා පැවති මැතිවරණයේදී ෂරීෆ්ගේ පක්ෂය තනි පක්ෂයකින් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් නමුත්, ඔහුගේ පක්ෂයට මැතිවරණයෙන් තහනම් කිරීමෙන් පසු, තනි කණ්ඩායමක් ලෙස නොව ස්වාධීනව තරඟ කළ සිරගතව සිටින ඛාන්ගේ ආධාරකරුවන් සමස්තයක් ලෙස වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත්හ.
ෂරීෆ් පවසා ඇත්තේ, තම පක්ෂය තනිව පැහැදිලි බහුතරයක් දිනාගැනීමට අපොහොසත් වී ඇති බැවින් හවුල් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අනෙකුත් කණ්ඩායම් සමඟ සාකච්ඡා කරන බවයි.
බ්‍රහස්පතින්දා ඡන්ද විමසීම අවසන් වී පැය 24කට වැඩි කාලයක් ගතවීමෙන් පසුව, ආසන 265න් හතරෙන් තුනකට වැඩි සංඛ්‍යාවක ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් පසුව ෂරීෆ්ගේ මෙම නිවේදනය නිකුත් විය.
ඊයේ පස්වරුවේ ගණන් කරන ලද ආසන 245 න් බහුතර ප්‍රතිඵලවලින් පෙන්නුම් කළේ, ඉම්රාන්ගේ ස්වාධීන කණ්ඩායම වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගෙන ඇති බවයි.
71 හැවිරිදි ඉම්රාන් ඛාන්, ෂරීෆ්ගේ ජයග්‍රහණය පිළිබඳ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති අතර, මැතිවරණය “ජයග්‍රහණය කිරීම” ගැන සිය ආධාරකරුවන්ට සුබ පතමින්, ඔවුන්ගේ ඡන්දය ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart