
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ බොන්ඩි ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු තුවක්කුකරුවකු වීරෝදාර ලෙස නිරායුධ කළ පුද්ගලයාට ඩොලර් මිලියන 2.5ක චෙක්පතක් ප්රදානය කර ඇත.
43 හැවිරිදි අහමඩ් අල් අහමඩ් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
දෙදරු පියකු වූ ඔහු මෝටර් රථයක් පිටුපස සැඟව සිට තුවක්කුකරුට පහර දී ඔහුගේ රයිෆලය ඉවත් කර එය වැරදිකරු වෙත යොමු කරන ආකාරය වීඩියෝවකින් දැකගත හැකි විය.
පසුව ඇති වූ වෙඩි තැබීමේදී, ඔහුගේ අතට දෙවරක් වෙඩි වැදී තිබිණි.
අහමඩ්ගේ නිර්භීතකම පිළිබඳ වීඩියෝව සමාජ මාධ්‍යවල ක්ෂණයකින් මිලිගන ගණනින් සංසරණය වූ අතර ඔහු ඉක්මනින් ඕස්ට්‍රේලියාවේ පමණක් නොව ලොව පුරා ප්‍රසිද්ධ නාමයක් බවට පත්විය.
මෙම ඛේදවාචකයෙන් පසුව අහමඩ් වෙනුවෙන් GoFundMe අරමුදලක් පිහිටුවන ලද අතර, එය දින හතරක් තුළ වීරයා වෙනුවෙන් ඩොලර් මිලියන 2.5කට වඩා රැස් කිරීමට සමත් විය.
ශාන්ත ජෝර්ජ් රෝහලේ රැඳී සිටින අහමඩ් බැලීමට දානපති සැකරි ඩෙරෙනියොව්ස්කි ඊයේ පැමිණ තිබිණි.
43,000කට අධික පිරිසකගේ පරිත්‍යාග මගින් රැස් කරන ලද මුදල් සඳහා වන චෙක්පතක් ඔහු අහමඩ්ට ප්රදානය කළේය.
“මම මෙහි පැමිණියේ ලොව පුරා සිටින පුද්ගලයන් 43,000ක් පිළිබඳ පුවතක් සමඟයි. ඔවුන් ඔබට ඩොලර් මිලියන 2.5ක් රැස් කළා,” ඩෙරෙනියොව්ස්කි අහමඩ්ට පවසන අයුරු සමාජ මාධ්‍ය වෙත පළ කළ වීඩියෝවක දැක්විණි.
එවිට අහමඩ් විමසන්නේ “මම එය ලබන්න සුදුසු ද?” යනුවෙනුයි.
ඩෙරෙනියොව්ස්කි “හැම සතයක්ම.” යනුවෙන් පිළිතුරු දුන්නේය.
පරිත්‍යාග කළ අයට යමක් කීමට ඇත්දැයි දානපතියා අහමඩ්ගෙන් විමසූ අතර, එයට පිළිතුරු දුන්නේ සෑම කෙනෙකුම එකට එකතු විය යුතු බවයි.
“සියලු මිනිසුන්, එකිනෙකා සමඟ සිටිය යුතුයි, අතීතයේ වුණු දේවල් සියල්ල අමතක කර ජීවිත බේරා ගැනීමට ඉදිරියට යන්න ඕනේ,” අහමඩ් පැවසීය.
“මම ජනතාව බේරා ගන්න ගියේ හදවතින්මයි, මොකද එය හොඳ දවසක්, සෑම කෙනෙකුම භුක්ති විඳින, සමරන දවසක්. ළමයින්, කාන්තාවන්, පිරිමින්, යෞවනයන්, මේ හැමෝම සතුටින් සිටියා, ඔවුන් ඒ සතුට භුක්ති විඳීය යුතුයි, එය ඔවුන්ගේ අයිතියයි. මේ රට ලෝකයේ හොඳම රට. දෙවියන් වහන්සේ ඕස්ට්‍රේලියාව ආරක්ෂා කරයි.” යනුවෙන් අහමඩ් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart