
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩායි වෙරළ තීරයේදී පසුගිය වසරේ සිදුවූ දරුණු වෙඩි තැබීමේ සිද්ධියේදී ප්‍රහාරකයෙකු සතු ආයුධ උදුරාගෙන ඔහුව මෙල්ල කළ පුද්ගලයාට එරෙහිව පහරදීමේ චෝදනා එල්ල වී තිබේ.
පසුගිය දෙසැම්බර් මාසයේදී යුදෙව් ආගමික උත්සවයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලැබූහ. එහිදී තම ජීවිතය පවා පරදුවට තබමින් ප්‍රහාරකයන් වැළැක්වීමට මැදිහත් වූ 44 හැවිරිදි අහමඩ් අල් අහමඩ් එවකට වීරයෙකු ලෙස රටේම ඇගයීමට ලක්විය.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය මාර්තු මාසයේදී තම පියාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට දැන් චෝදනා එල්ල වී ඇති බවයි.
ඔහුට එරෙහිව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ සාමාන්‍ය පහරදීම මෙන්ම, පුද්ගලයෙකු පසුපස හඹා යෑම සහ බිය ගැන්වීම යන චෝදනා මත නඩු පවරා ඇත.
නමුත් තමන්ට එල්ල වී ඇති මෙම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පවසන අහමඩ්, ඒ පිළිබඳව ඒබීසී පුවත් සේවයට අදහස් දක්වමින් කියා සිටියේ, “මේ චෝදනා කිසිසේත්ම ඇත්ත නෙවෙයි” යනුවෙනි.
හනූකා උත්සවය සැමරීම සඳහා පැවැත්වුණු එම ආගමික රැස්වීමට ප්‍රහාරකයින් කඩා වැදුණු අවස්ථාවේදී, අහමඩ් එක් ප්‍රහාරකයෙකු සමඟ පොරබදා ඔහුගේ තුවක්කුව උදුරා ගන්නා අයුරු ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබිණි.
එහිදී ඔහුට ද කිහිප වතාවක්ම වෙඩි වැදුණු අතර, පසුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඔහුව බැලීමට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ද පැමිණියේය.
එහිදී අගමැතිවරයා ඔහු රටේ සිටින ශ්‍රේෂ්ඨතම මිනිසෙකු ලෙස ද අගය කළේය.
එමෙන්ම ඔහුව දිරිමත් කිරීම සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මහජනතාව විසින් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2.5කට අධික (ඇමෙරිකානු ඩොලර් මිලියන 1.7ක් පමණ) අරමුදලක් ද රැස් කර දී තිබිණි.
1996 වසරෙන් පසු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ දරුණුතම සමූහ වෙඩි තැබීම මෙය වන අතර, යුදෙව් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව පොලිසිය පසුව නිල වශයෙන් ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් ඔහුට එරෙහිව එල්ල වී ඇති පහරදීමේ සිද්ධියට අදාළව අහමඩ් ලබන ජූනි 29 වැනිදා සිඩ්නි නුවර බෑන්ක්ස්ටවුන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පෙනී සිටීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart