
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එවෝ මොරාලෙස් සහ ලුයිස් ආර්සේ යන වාමාංශික ජනතාවාදී රජයන් යටතේ බොලිවියාව තුළ පැවති චීන ක්‍රියාකාරකම්වල ස්වර්ණමය යුගය මේ වන විට කැපී පෙනෙන ලෙස බිඳ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ සඳහා චීන ව්‍යාපෘති රැසක් වටා ගොඩනැගුණු දූෂණ චෝදනා, දුර්වල කාර්යසාධනය සහ ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය සෘජුවම බලපා තිබේ.
මීට අමතරව, බොලිවියාව මුහුණ දී සිටින දරුණු ආර්ථික, මූල්‍ය හා දේශපාලන අර්බුදය මෙන්ම, චීනයේ බලපෑම සීමා කරමින් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් සමඟ යළි සුහද සබඳතා ගොඩනැගීමට වත්මන් රජය ගන්නා උත්සාහයන් ද චීනයේ ඉදිරි ගමනට බාධාවක් වී ඇත.
2006 සිට 2019 දක්වා පැවති මොරාලෙස් පාලන සමයේදී, බොලිවියාව ආර්ථික, මිලිටරි, තාක්ෂණික ඇතුළු සියලු ක්ෂේත්රයන්ගෙන් චීන සහයෝගීතාව සඳහා සිය දොරටු පුළුල්ව විවෘත කළේය.
එම වකවානුව තුළ බොලිවියාව චීනයෙන් K-8 ප්‍රහාරක ගුවන් යානා හයක්, Z-9 මිලිටරි හෙලිකොප්ටර් යානා හයක්, සන්නද්ධ රථ 31ක් මෙන්ම හඳුනා නොගත් ට්‍රක් රථ සහ මුර සංචාරක යාත්‍රා ප්‍රමාණයක් මිලදී ගත්තේය.
එමෙන්ම, බොලිවියාව විසින් චීනයෙන් ‘BOL-110’ ජාතික නිරීක්ෂණ පද්ධතිය, රේගු ස්කෑනර් යන්ත්‍ර සහ ‘ටූපැක් කටාරි’ චන්ද්‍රිකාව ද මිලදී ගන්නා ලදී.
මෙහිදී ලා පාස් හි අමචුමා සහ සැන්ටා කෲස් හි ලා ග්වාඩියා ප්‍රදේශයන්හි අභ්‍යවකාශ භූමි මධ්‍යස්ථාන ඉදිකිරීම හා අවශ්‍ය උපකරණ සැපයීම චීනය විසින් සිදු කළ අතර, එම මධ්‍යස්ථාන නඩත්තුව සඳහා චීන තාක්ෂණික ශිල්පීන්ගේ සහය ද ලබා දෙන ලදී.
මෙම වාර්තාව වෙනුවෙන් අදහස් දැක්වූ බොලිවියානු ව්‍යාපාරිකයන්ට අනුව, එම කාල වකවානුව තුළ චීන සමාගම් 60කට වඩා වැඩි ප්‍රමාණයක් එරට තුළ සක්‍රීයව ක්‍රියාත්මක වී ඇත.
කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘති සියල්ලම පාහේ බොලිවියානු කර්මාන්ත ක්ෂේත්රය තුළ සිදු කළ සැබෑ ආයෝජන නොව, චීන භාණ්ඩ හා සේවා ලබා ගැනීම වෙනුවෙන් බොලිවියානු රජය සමඟ ඇති කරගත් ගිවිසුම් පමණක් වීම විශේෂත්වයකි.
මේ වන විට එරට තුළ ක්‍රියාත්මක වන්නේ චීනය පදනම් කරගත් සමාගම් 20කටත් වඩා අඩු ප්‍රමාණයක් පමණි. චීන ආයෝජන මෙලෙස පහත වැටීමට බොලිවියාවේ පවතින දේශපාලන හා ආර්ථික පරිසරයේ ඇති අස්ථාවර සහ අවිනිශ්චිත ස්වභාවය හේතු වී ඇති බවට එරට චීන තානාපති වැන්ග් ලියෑන්ග්ද චෝදනා කර තිබේ.
යටිතල පහසුකම් ක්ෂේත්රය දෙස බලන විට, චීනය විසින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති සියල්ලම පාහේ මේ වන විට සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත. බොලිවියාව තුළ සක්‍රීයව කටයුතු කළ සිනොහයිඩ්‍රෝ (Sinohydro), වික්ෂ්ටාර් (Vicstar) සහ කැම්සේ (CAMCE) වැනි චීනයේ ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගම් පවා සිය කාර්යාල වසා දමා හෝ ඒවායේ කටයුතු විශාල වශයෙන් සීමා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart