
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර බෝගම්බර බන්ධනාගාරය අන්තර්ජාතික තරු පහේ හෝටලයක් බවට පත්කිරීමට සැලසුම් කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පවසයි.
ඩේලි නිවුස් වාර්තා කරන පරිදි, මෙම ව්‍යාපෘතිය සඳහා දේශීය ආයෝජකයකු සොයාගෙන ඇති බව රාජ්‍ය ඇමැති අමුණුගම ප්‍රකාශ කරයි.
ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරයේ ඓතිහාසික වටිනාකම රැකගනිමින් එහි හෝටලයක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළ රාජ්‍ය ඇමැතිවරයා එය ඉදිකරනු ලබන්නේ, යාල හිල්ටන් ආයතනය ඉදිකර පසුගියදා විවෘත කළ මෙල්වා සමූහ ව්‍යාපාරය විසින් බව ද අනාවරණය කරයි.
බෝගම්බර බන්ධනාගාර සංකීර්ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද නාගරික සංවර්ධන අධිකාරියට ලැබී ඇත.
බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඉදිකරන ලද මහනුවර පිහිටි තෙමහල් බෝගම්බර බන්ධනාගාරය, ශ්‍රී ලංකාවේ දෙවැන විශාලතම බන්ධනාගාරය වන අතර, එය තනි අත්තිවාරමක් මත ඉදිකරන ලද ආසියාවේ දිගම ගොඩනැගිල්ල වේ.
වසර 138ක් ක්‍රියාත්මක වූ බන්ධනාගාරය 2014 වසරේදී වසාදමන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart