March 30, 2026

කහවත්ත නීලගම මාර්ගයේ දී ඉකුත් 28 වැනි දා අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර කහවත්ත කහවතුකන්දේ අතහැරදමා තිබූ මැණික් පතලක තිබී අද හමු වූ බව කහවත්ත පොලිසිය කියයි.

ඔහු ඕපනායක ලෙන්ද කට්ටංගේ පදිංචි ඩබ්ලිව්.ජී. අනුර නමැති තිදරු පියෙකි.

අනුර නමැති මෙම මැණික් ව්‍යාපාරිකයා ඉකුත් 28 වැනිදා අනතුරුදන් වූ අතර ඔහු සොයා කහවත්ත සහ ඕපනායක පොලිසිය එක්ව ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

(ලංකාදීප)