
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික රුධිර පාරවිලයන සේවයේ ඇති ශීතකරණ වසර 15කට වඩා පැරණි බවත්, ඒවා නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් වැය වන බවත්, ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි.
එසේම ඉල්ලුමට සරිලන පරිදි ප්‍රමාණවත් ගබඩා ධාරිතාවක් ජාතික රුධිර පාරවිලයන සේවාව සතුව පවතින බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
ප්‍රමාණවත් තරම් (ULT) ශීතකරණ සේවාවක් ඇති අතර, වසංගත කාලය තුළ කොවිඩ්-19 එන්නත් ගබඩා කිරීම සඳහා එම පහසුකම් භාවිතා කර ඇත.
නඩත්තු කටයුතු කිරීම සඳහා අඛණ්ඩ සේවා ගිවිසුම් පවත්වාගෙන යෑමෙන් පලක් නොමැති බව වෛද්‍යවරයා කියයි.
රට පුරා ලේ බැංකු 109ක් ක්‍රියාත්මක වන අතර, එවැනි පැරණි අධිශීතකරණ උපකරණ සඳහා සේවා ගිවිසුම් දිගටම කරගෙන යෑම ඉතා දුෂ්කර යැයිද ඔහු පවසයි.
එබැවින් ULT අධිශීතකරණ නඩත්තුව සඳහා ජාතික රුධිර පාරවිලයන සේවයට විශාල වියදමක් දැරීමට සිදුවේ.
ආර්ථික අර්බුදය හේතුවෙන් විවිධ ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම තහනම් කර ඇති අතර, ULT අධිශීතකරණ සඳහා අමතර කොටස් සොයාගැනීම නොහැකි නිසා රුධිර පාරවිලයන සේවාව දැඩි බලපෑමකට ලක්වී තිබේ.
එමනිසා නව අධිශීතකරණ පද්ධතියක් තිබීම වඩාත් සුදුසු වුවද, එය තරමක අභියෝගයක් බවද ඔහු පවසයි.
අනාගත අවශ්‍යතා සඳහා නව අධිශීතකරණ පද්ධතියක් ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
(dailymirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart