වයඹ දිග පාකිස්තානයේ දේශපාලන රැලියක් අතරතුර සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ සිද්ධියෙන් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
දැඩි මතදාරී ආගමික නායකයෙකු වන මවුලානා ෆස්ලූර්ගේ ආධාරකරුවන් බජුර් දිස්ත්‍රික්කයේ ඛාර් නගරය ආසන්නයේ පැවැත්වූ රැළියක් ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇත.
එහි වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති බවද විදෙස් වාර්තා පැවසීය.