
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුද්ගලයන් 260 දෙනෙකුට මරු කැඳවමින් අනතුරට පත්වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ පටිගත කිරීමේ දත්ත විමර්ශකයන් විසින් බාගත කර ඇති බව ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
ලන්ඩන් බලා පිටත්ව ගිය බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානය ජුනි 12 වන දින ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපලින් ගුවන්ගත වී මොහොතකින් අනතුරුව කඩාවැටී විනාශ විය.
යානයේ කළු පෙට්ටිය – නියමු කුටියේ හඬ පටිගත කිරීමේ යන්ත්‍රය (CVR) සහ පියාසැරි දත්ත පටිගත කිරීමේ යන්ත්‍රය (FDR) – යානයේ සුන්බුන් අතර තිබී සොයාගෙන තිබිණි.
ඒ අනුව ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ අමෙරිකාවේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය සමඟ ඉන්දියාවේ ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය ප්රමුඛ කණ්ඩායමක් විසින් යානයේ ඉදිරිපස රෙකෝඩරයේ දත්ත වෙත ප්‍රවේශ වූ බවයි.
“මෙම ප්රයත්නයන් මගින් අනතුරට තුඩුදෙන සිදුවීම් අනුපිළිවෙල ප්‍රතිනිර්මාණය කිරීම සහ ගුවන් ආරක්ෂාව වැඩි කිරීමට සහ අනාගත සිදුවීම් වළක්වා ගැනීමට දායක වන සාධක හඳුනාගැනීම අරමුණු කරයි” යනුවෙන් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
මේ අතර අමෙරිකානු ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලයේ සභාපති ජෙනිෆර් හොමන්ඩි රොයිටර් පුවත් සේවයට පැවසුවේ, යානයේ අනතුර පිළිබඳ කෙටි කාලයක් ඇතුළත තොරතුරු අනාවරණ කිරීමට ඉන්දීය රජයට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
“ගුවන් ගමන්වල ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව සහ මහජන දැනුවත් කිරීම සඳහා ඔවුන් තම සොයාගැනීම් කඩිනමින් ප්‍රසිද්ධ කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,” යනුවෙන් ද ඇය පවසා තිබිණි.
එමෙන්ම ඇය පවසා ඇත්තේ, පරීක්ෂණ සඳහා ඉන්දිය රජයෙන් ඉතා හොඳ සහයෝගයක් හිමිවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart