July 23, 2026

“මෙතන නොවැදගත් විදියට සවුන්තු විදියට වනචර විදියට හැසිරෙන මන්ත්‍රීවරු එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. මානසික රෝගියෙක් නිසා ඉවසලා ඉන්නවා.. යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතා රීති ප්‍රශ්නයක් මතුකිරීමට උත්සහ දැරූ අවස්ථාවේදීය.

බිමල් රත්නායක මහතා:

මෙයා දෙමළ ජනතාවටත් අපහාස කරන පුද්ගලයෙක්. විපක්ෂ නායක කතා කරද්දි හැසිරිච්ච විදිය දැක්කනේ. ඒවා මයික් එකෙන් ඇසෙන්න පුළුවන්. වීඩියෝවලත් නැතුව ඇති. නමුත් මේ පාර්ලිමේන්තුවේ බිත්ති හතර සාක්ෂි. මෙයා පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි පිටදී හැසිරෙන්නෙත් මෙහෙම තමයි. යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම අද තියන්න බෑ. ළග ඉන්න කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීතුමා කතානායකට ලිපියක් දීලා තියෙනවා මෙයා ළග ඉන්න බැහැ කියලා. කතානායක කරු ජයසූරියට මෙතෙන පුටුවලින් ගහලා තියෙනවා.හැබැයි මේ විදියට කැත විදියට කතා කරලා නැහැ.

(මන්ත්‍රී අර්ජුනා රාමනාදන් යමක් කියයි)

කතානායක:

“මෝඩ විහිළුවලට හැසිරෙන්න එපා.පාර්ලිමේන්තුව ජෝක් එකක් කරගන්න එපා.”

කතානායක

“අර්ජුනා මන්ත්‍රීතුමා මාව අමතලා අපහාසාත්මක ලෙස මීට පෙරත් කතා කරලා තියෙනවා.”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

“මන්ත්‍රීවරයෙකුට නුසුදුසු ආකාරයට කතා කිරීම සුදුසු නෑ. මෝඩ කතා කියන්න එපා කියන කතා කියන්න එපා. ඔබතුමා ස්ථාවර නියෝග දැනගෙන එන්න. බිමල් රත්නායක කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයකු ගැන කිව්වා. මෙතෙන එහෙම මන්ත්‍රීවරයකු නෑ. මෙතෙන ඉන්නේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීතුමා. කුමාර් පොන්නම්බලම්ගේ පුතා.”

මන්ත්‍රී අර්ජුනා රාමනාදන්

“මම සයිකෝ වෙන්න පුළුවන්. හැබැයි හෝමෝ සෙක්ෂුවල් නෙවෙයි.”

(උපුටාගැනීම – ලංකාදීප)