
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වසර මුලදී ඉන්දුනීසියාවේ ජකර්තා හි මහල් නිවාසයක දී ඝාතනය කරන ලද ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ දේහය මාස හයකට පසු පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට භාරදුන් බව පොලිසිය පවසයි.
45 හැවිරිදි සුබසිංහ, ඔහුගේ බ්‍රසීලියානු බිරිඳ රෝසා, ඇගේ සහායිකාව (බ්‍රසීල ජාතික කාන්තාවක්) සහ ඔවුන්ගේ 04 හැවිරිදි දියණිය සමඟ ඉන්දුනීසියාවේ නිවාඩුවක් ගත කරමින් සිටියේය.
2023 පෙබරවාරි 02වැනිදා සුබසිංහ ජකර්තා හි මහල් නිවාසයේ අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගන්නා ලදී.
ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ බිරිඳ රෝසා සහ ඇගේ සහායිකාව ඔනේෂ්ගේ දියණිය හා ඔවුන්ගේ සියලු බඩු බාහිරාදිය රැගෙන මහල් නිවාසයෙන් පිටව ගොස් තිබේ.
පසුව වාර්තා වූයේ, සුබසිංහගේ බිරිඳ සහ ඇයගේ සහායිකාව දෝහා බලා පළාගොස්, අවසානයේ ඔනේෂ්ගේ දියණිය සමඟ බ්‍රසීලයේ සාඕ පවුලෝ වෙත ළඟා වී ඇති බවයි.
පොලීසිය සඳහන් කළේ, සුබසිංහගේ දේහය අඟහරුවාදා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට ගෙනැවිත් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහලට රැගෙන ගිය බවයි.
අනතුරුව දේහය ඔහුගේ පවුලේ ඥාතීන් වෙත භාරදී තිබේ.
ඉන්දුනීසියානු බලධාරීන් විසින් ඉන්දුනීසියාවේදී ද පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඇති බව ද වාර්තා විය.
සුබසිංහගේ සහෝදරියගේ පැමිණිල්ලකට අනුව ඔහුගේ මරණය සම්බන්ධයෙන් ගුවන්තොටුපළ පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
සුබසිංහ ඝාතනයේ සැලසුම ඉන්දුනීසියාවේදී ක්‍රියාත්මක කළද, එය ශ්‍රී ලංකාව තුළ සැලසුම් කර තිබිය හැකිදැයි සොයාබලන ලෙස පොලිස්පතිවරයා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් ලබාදී තිබිණි.
එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා රහස් පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවට යවා ඇත.
කෙසේ වෙතත් සුබසිංහ ඝාතනයේ අබිරහස හෙළි කිරීමට පොලිසියට තවමත් හැකියාව ලැබී නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart