
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යතුරුපැදියක් මිලදී ගැනීමට ආ පුද්ගලයකු හට සිහිමුර්ඡාවීමට ආහාරයක් ලබාදී ඔහු පැමිණි යතුරුපැදිය සහ මුදල් කොල්ල කෑ පුද්ගලයකු කොඩිකාමම් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පලෙයි ප්රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි අයකු බව සඳහන් වේ.
සැකකරු විසින් සොරාගත් යතුරුපැදිය පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, රුපියල් ලක්ෂ හතරහමාරක මුදල සොයාගැනීමට නොහැකි වූ බවද පොලිසිය පවසයි.
සිහිමුර්ජා වූ පුද්ගලයා ප්රතිකාර සඳහා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart