
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ රූපවාහිනී රියැලිටි වැඩසටහනක් අතරතුර ව්යාඝ්ර නිය පෙන්ඩන්ට් එකක් පැළඳ සිටි බව කියන වර්තර් සන්තෝෂ් නැමති තරගකරු පසුගිය ඉරිදා රාත්‍රියේ දී ‘බිග් බොස් කන්නඩ’ දර්ශන තලයේදී අත්අඩංගුවට ගෙන ඇත.
එසේ පෙන්ඩන්ට් එකක් පැළඳ සිටි බව කියන චෝදනාවට වනජීවී දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති ඔහුව දින 14ක් අධිකරණ නියෝග මත බන්ධනාගාරයට යවා ඇතැයි වාර්තා සඳහන් කරයි.
වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සන්තෝෂ් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහුට එරෙහිව නිර්නාමික පැමිණිල්ලක් ලැබීමෙන් පසුවය.
එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පෙන්ඩන්ට් සිය සන්තකයට ගෙන ඇති අතර, එය සත්‍ය වශයෙන්ම ව්යාඝ්රයෙක්ගේද නැතිනම් වෙනත් සතෙක්ගේද යන්න තීරණය කිරීමට පරීක්ෂණයක් පවත්වන බව සඳහන් වේ.
එය සවිස්තරාත්මක විශ්ලේෂණයක් සඳහා අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයට යවා ඇත.
මෙම ව්යාඝ්ර නිය ගැන ඔවුන් සන්තෝෂ්ගෙන් ප්‍රශ්න කළ විට ඔහු සඳහන් කර ඇත්තේ, එය තම පරම්පරාවෙන් ලැබුණු එකක් බවයි.
ව්යාඝ්ර නිය පැළඳීම ඉන්දියාවේ වනජීවී (ආරක්ෂක) පනත, 1972 උල්ලංඝනය කිරීමක් වන අතර, එම වර්ගීකරණයට අයත් සතුන්ගේ අවයව හෝ කොටස් පැළඳීම හෝ ප්‍රදර්ශනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart