
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අභියාචනාධිකරණයෙන් දුන් නියෝගයක් නොසළකා හැරීමෙන් අධිකරණයට අපහාසයක් කරන ලදැයි සදහන් කරමින් පවරා තිබූ පෙත්සම සළකා බැලීමෙන් පසු, කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන සහ කොළඹ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ යන අයට දඬුවම් නොකිරීම සම්බන්ධයෙන් අගෝස්තු 5 වැනිදා අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනීසිට කරුණු දක්වන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණයෙන් නොතීසි නිකුත් කෙරිණි.
අභියාචනාධිකරණය මෙසේ නොතීසි නිකුත් කළේ, කොළඹ නගර සභා අපේක්ෂක අජිත් පෙරේරා ගොනුකර ඇති පෙත්සමක් සළකා බැලීමෙන් පසුවය.
පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.
මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන, කොළඹ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ යන අය නම් කරනු ලැබ සිටිති.
කොළඹ අලවි මවුලානා උත්සව ශාලාව අනවසරයෙන් අත්පත් කරගැනීම වළකාලමින් වගඋත්තරකරුවන්ට එරෙහිව අභියාචනාධිකරණය මගින් අතුරු නියෝගයක් නිකුත් කර තිබිණි.
වගඋත්තරකරුවන්ට එරෙහිව මෙසේ අතුරු නියෝගයක් නිකුත් කර තිබියදී, ඔවුන් එම නියෝගයට පටහැනිව කටයුතු කරමින් සිටින බව ද පෙත්සම්කරු කියාසිටී.
ඒ අනුව, ඔවුන්, වගඋත්තරකරුවන් අධිකරණයට අපහාසයක් කර ඇති බව ද පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටී.
එබැවින්, අධිකරණ අපහාසය සම්බන්ධ විභාගයක් පවත්වා, ඔවුනට සුදුසු දඬුවමක් නියම කරන ලෙස පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ සංජීව කළුආරච්චිගේ උපදෙස් පරිදි, නීතිඥ අලව්දින් අස්වර් සමග ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෙනීසිටියහ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart