
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බේරුවල ව්‍යාපාරිකයකු අලෙවියෙන් පසු මුදල් ලබාගැනීම සඳහා චීන ජාතික ව්‍යාපාරිකයකුට දී තිබූ රුපියල් ලක්ෂ 24 ක් වටිනා මැණික් ගල් 36 ක් කිසිවකු විසින් සොරාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බේරුවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බේරුවල දීනගොඩ පදිංචි මැණික් ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ඩිස්වි මොහොමඩ් නස්රීන් යන අය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
තමා ඉකුත් 19 වැනිදා මොරගල්ල කෝලි හවුස්හි තාවකාලිකව නවාතැන් ගෙන සිටින චීන ජාතික වැන්ඩයිසීන් නම් මැණික් ව්‍යාපාරිකයාට අලෙවි කර මුදල් ලබාගැනීම සඳහා මැණික් ගල් 36ක් ලබාදුන් බවත්, 21 වැනිදා ඔහු තම කුටියේ දොර ජනෙල් හැර නිදාසිටියදී කිසිවකු විසින් මැණික් ගල් සොරකම් කර ඇති බව දැනුම් දුන් බවත්, 22 වැනිදා තම ඥාති සොයුරකු පත්තකඩේ මැණික් වෙළඳපොළෙන් ගත් මැණික් අතර නැතිවූ මැණික්වලින් එකක් ද තිබූ බවත් ඔහු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වෙයි.
පසුවසොයා බැලීමේදී එය මග්ගොන අයකු හරහා ලැබුණු මැණික් ගලක් බවත්, ඔහු ළඟ නැතිවූ මැණික් ගල් අතරවූ තවත් කිහිපයක් ඇති බව අනාවරණය වූ බවත් ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබේ.
බේරුවල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart