
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශාන්ති කර්මයක් සිදුකරන අතරතුර දුම් ඇල්ලීම හේතුවෙන් සිහි සිහිමූර්ඡා වූ කාන්තාවක් මිය ගොස් තිබෙන බව බේරුවලින් වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ විසි හැවිරිදි කන්කානම්ගොඩ, ආරියවංශ මාවත,බේරුවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව අනාවරණය වේ.
මෙම කාන්තාවට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය පස්වැනිදා තිහාරිය ප්‍රදේශයේදී ශාන්තිකර්මයක් සිදුකර තිබේ.
එහිදී සිදුකළ දුම් ඇල්ලීමත් හේතුවෙන් මෙම කාන්තාව සිහිමූර්ඡා වීමෙන් අනතුරුව පෞද්ගලික රෝහලක් වෙත රැගෙන ගොස් නැවත නිවසට රැගෙන එමින් සිටියදී ඇය පසුගිය 06 වැනිදා මියගොස් ඇති බව පොලීසිය පවසයි.
පසුගිය 07 වැනිදා සිදකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර තරුණියගේ සිරුරේ කොටස් පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක වෙත යවා ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart