
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ නගරය මධ්‍යයේ පිහිටි නව Melco Resorts & Entertainment City of Dreams ව්‍යාපෘතියේ යෝජිත කැසිනෝව මගින් ඉන්දීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමටත් ඒ යටතේ බදු ගෙවීමට පෙර ලාභය 50%ක් පමණ ඉපැයීමටත් උපකාරී වනු ඇතැයි මෝගන් ස්ටැන්ලි තැරැව්කාර සමාගම අනාවැකි පළ කර තිබේ.
ඩොලර් බිලියන 1කට වැඩි ඒකාබද්ධ සංචාරක නිකේතන ව්‍යාපෘතියේ අදාළ කැසිනෝ ශාලාව සඳහා Melco Resorts සහ John Keells Holdings PLC මේ වසරේදී හවුල් ව්‍යාපාරයක් නිවේදනය කරන ලදී.
John Keells Holdings PLC යනු කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති විශාලතම සමූහ ව්‍යාපාරයයි.
සමූහයේ පළමු කාර්තුවේ ප්‍රතිඵල අනුව Melco විධායකයන් මෙම ව්‍යාපාරය සඳහා ඩොලර් මිලියන 125ක ආයෝජනයක් කෙරෙහි විශ්වාසය පළ කර තිබේ.
2019 වසරේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සහ 2023 දක්වා ඇති වූ කොවිඩ් වසංගතය හේතුවෙන් මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දැකිය හැකි වුයේ ඉහළ පහළ යන ගමනකි.
කෙසේවෙතත්, වෙළඳපොළ ප්‍රකෘතිමත් වෙමින් පවතින අතර, 2018 දී සංචාරක පැමිණීම් මිලියන 2.3ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 18%ක්ම නියෝජනය කර ඇත්තේ ඉන්දියානු ජාතිකයන්ය.
Melco’s City of Dreams දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිකේතනය වනු ඇති අතර ඉන්දියානු සංචාරකයන්ගේ ඉහළ යන උනන්දුව සහ මූල්‍ය හැකියාවෙන් ප්‍රයෝජන ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
ඒ සඳහා සමාගම ශ්‍රී ලංකා වෙළෙඳපොළ සඳහා දිගුකාලීන කැපවීමක් සනිටුහන් කරමින් වසර 20ක ස්වාධීන සූදු බලපත්‍රයක් ද ලබාගෙන ඇත.
Morgan Stanley පවසන පරිදි, ශ්‍රී ලංකාව සහ මාලදිවයින පුරා කාමර 2,500කින් පමණ ක්‍රියාත්මක වන Cinnamon සන්නාමය සමඟින් සත්කාරක ක්ෂේත්රයේ ප්‍රවීණයකු වන John Keells සමඟ Melco Resorts වෙත ඇති හවුල්කාරිත්වය මෙහි ඇති ප්‍රධානතම වාසිය වේ.
ගිවිසුමට අනුව, Melco විසින් වර්ග අඩි 180,000ක පමණ කැසිනෝව පවත්වාගෙන යනු ඇති අතර ඇති සුඛෝපභෝගී කාමර 113කින් සමන්විත Nuwa හෝටලය ද කළමනාකරණය කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart