
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික සමගිය ආරක්ෂා කිරීමේ අරමුණින් සකස් කළ බව පවසන චීනයේ නව “ජනවාර්ගික එකමුතුකම සහ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමේ පනත” ලබන මාසයේ සිට බලාත්මක කිරීමට බීජිං පාලනය සූදානම් වෙයි. මෙය චීනයේ දේශපාලන සහ නීතිමය බලය තමන්ගේ දේශසීමාවලින් ඔබ්බට ව්‍යාප්ත කිරීමට ගන්නා උත්සාහයක් බව විචාරකයෝ පවසති.
මෙම නීති පද්ධතියට ඇතුළත් කර ඇති “63 වැනි වගන්තිය” දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති අතර, එය චීනයේ ජාතික ආරක්ෂාව සහ ස්වෛරීභාවය පිළිබඳ ප්‍රවේශයේ කැපී පෙනෙන වෙනසක් සනිටුහන් කරන්නක් බව විශ්ලේෂකයින්ගේ මතයයි. විවේචකයින් මෙම පියවර හඳුන්වන්නේ චීනයේ පුළුල් “නීතිමය යුධෝපායක” කොටසක් ලෙස වන අතර, මේ හරහා චීනය ඇතුළත මෙන්ම ඉන් පිටතද ජනවාර්ගික සබඳතාවලට බරපතළ බලපෑමක් එල්ල විය හැකි බවට ඔවුහු අනතුරු අඟවති.
මෙම නව ප්‍රතිපාදනය මඟින්, චීනයේ ජනවාර්ගික එකමුතුකමට හානි කරන බවට චෝදනා එල්ල වන විදේශයන්හි සිටින පුද්ගලයින් සහ සංවිධාන හඹා යාමට චීන රජයට නීතිමය අවසරය ලැබෙයි. චීනයෙන් පිටත සිටින විදේශිකයන්ට එරෙහිව නඩු පැවරීමේ ප්‍රායෝගික හැකියාව සීමිත වුවද, මෙම නීතියේ සැඟවුණු අරමුණ නීතිය ක්‍රියාත්මක කිරීමට වඩා, තමන්ට එරෙහි වන්නන් බිය ගැන්වීම (deterrence) බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
විශේෂයෙන්ම විදේශයන්හි සිටින ක්‍රියාකාරීන්, ඩයස්පෝරා ප්‍රජාවන් (විදෙස්ගත චීන වැසියන්), විද්‍යාර්ථීන් සහ සිවිල් සංවිධාන වෙත පැහැදිලි පණිවිඩයක් දීම සඳහා මෙම 63 වැනි වගන්තිය නිර්මාණය කර ඇත. එනම් ෂින්ජියැන්ග් (Xinjiang), ටිබෙටය, තායිවානය හෝ වෙනත් ජනවාර්ගික ගැටලු සම්බන්ධයෙන් සිදුකරන පෙනී සිටීම් තවදුරටත් චීන නීති බල ප්‍රදේශයෙන් බාහිර කරුණු ලෙස චීනය නොසලකන බවයි. ඒ වෙනුවට එවැනි ක්‍රියාකාරකම් චීනයේ ජාතික ආරක්ෂාවට එල්ල වන සෘජු තර්ජන ලෙස හුවා දැක්වීමට බීජිං පාලනය මෙමඟින් උත්සාහ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart